දිවයින පුරා පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට හෝ විවිධ ආපදාවන්ට ලක්ව රෝහල් ගතවන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමේ පැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඊයේ (30දා) උපදෙස් ලබා දී ඇත.
බස්නාහිර සහ දකුණ යන පළාත්වල ඇතැම් රෝහල්වලට ගස් කඩා වැටීමෙන් සුලු හානි සිදුව ඇත. කලුතර මහ රෝහලේ ගස් කඩා වැටීම හේතුවෙන් සුලු හානි සිදුව ඇති අතර, එම හානියට පත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සදහා ශ්‍රි ලංකා යුධ හමුදාව පියවර ගෙන ඇත.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම් සිදුව ඇති අතර, ඇතැම් රෝහල්වල ජෙනරේටර් මගින් විදුලිය සපයා ගනිමින් රෝගී සත්කාර සේවා සිදු කරනු ලබයි. විදුලි බලය නොමැති රෝහල්වල එන්නත් ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළීවෙලක් ක්රීයාත්මක කර ඇත
හදිසි ආපදා තත්ත්වය පවතින පළාත්වල සියලුම රෝහල්වලට අවශ්‍ය තරම් ඖෂධ, කාර්ය මණ්ඩලය ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට පවසා තිබේ.