සෝම හිමි මෑණියන් 90 වැනි වියට පා තබයි
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වන චාලට් වීරතුංග මහත්මියට අද (10දා) දිනට වයස 90ක් සපුරයි.පද්මසිරි වීරතුංග නම් දරුවා සමීපයේ චාලට් වීරතුංග මහත්මිය මහාසංඝරත්නයේ නිරන්තර ආශිර්වාදයට ලක්වෙමින් සිය ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින්නීය.
එච්.ඩී. පොඩි සිංඤෝ පියාණන් හා අබේසිංහ ආරච්චිලාගේ එලිසා පෙරේරා මෑණියන්ට දාව මෙලොව ජන්ම ලාභය ලද හැරියට්, චාලට්, මැගිනෝනා, මාග්‍රට් යන දරුවන් අතර චාලට් වීරතුංග මහත්මිය පවුලේ දෙවැන්නිය වූවාය.
එකල ගංගොඩවිල ජයසිංහ නමින් හැඳින්වූ වර්තමානයේ විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේදී පස්වැනි වසරෙන් අධ්‍යාපනය හමාර කරන ඇය, වසර 1947 ජූලි මස 09 වැනි දින එනම් ඇයගේ 21 වැනි වියේදී ධර්මදාස වීරතුංගආරච්චි මහතා සමග විවාහ වූවාය.
සිරිමා වීරතුංග, සුමනා වීරතුංග, ඩඩ්ලි වීරතුංග, පද්මසිරි වීරතුංග, සෝමරත්න වීරතුංග නමින් දරුවන් පස්දෙනෙකු ඔවුන්ට දාව මෙලොවට බිහි වූ අතර, සෝමරත්න වීරතුංග යනු සෝම හිමියන්ගේ ගිහි කල නම විය.
මෙම දරුවන් අතර එක් දරුවෙකු වන ඩඩ්ලි වීරතුංග සහ සෝම හාමුදුරුවන් යන දෙපොළ අද වනවිට මිය පරලොව ගොස් තිබෙන අතර, කොළඹ නගර සභාවේ පොත් තබන්නෙකු ලෙස සේවය කළ ඇයගේ ස්වාමිපුරුෂයා අවුරුදු 79ක් ආයු වලඳා 1991 දී ජීවන ගමනට සමුදුන්නේය.
අද වනවිට චාලට් මෑණියන්ගේ සහෝදරියන් දෙදෙනෙකුම මියගොස් ඇති අතර, එක් සහෝදරියක් කළුතර ප්‍රදේශයේ ජීවත් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

