අපවත් වී වදාළ පුජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට ගරු කිරීම විනාඩියකට සීමා නොකළ යුතු බවත් උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය ඇති කිරීමට කටයුතු කිරීම සහ ඒවෙනුවෙනන් කැපවීම උන්වහන්සේට දක්වම ලොකුම ගෞරවය වන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
පුරවැසි බලය සංවිධානය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය එක්ව ‘ ජනවාරි අට පැතූ යහපාලනය මේකද?‘ මැයෙන් අද(21දා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේ ප්‍රථම කථාව සිදුකරමින් හෙතෙම මේබව කීය.
සම්මන්ත්‍රණය ආරම්භයේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය. කලාකරුවකු වන මොහාන් රාජ් මඩවල මහතා සභාව මෙහෙයවමින් මුල්ම කතාව කිරීමට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ආරාධනා කළ අවස්ථාවේ සම්මන්ත්‍රණය ආරම්භ කරනවිට මාදුළුවාවේ සෝභිත හිමියන් සිහි කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවක් පැවැත්වූයේ නැතැයි කියමින් එහිසිටි පුද්ගලයකු නැගිට චෝදනාකරන්නට විය. ඒ සමග තවත් පුද්ගලයකු නැගිට ඔහුගේ සහායට කතා කරන්නට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
කරුණු පැහැදිලි කිරීමට මොහාන් රාජ් මඩවල මහතා උත්සාහ ගත්තද එම පුද්ගලයන් දෙදෙනාද ආවේග ශිලීව දිගින් දිගටම කතා කරන්නට වූ අතර මෙහිදී නැගී සිටි රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා කීවේ සෝභිත හිමිටත් නිගා දෙන ලෙස හැසිරෙන ඔවුන්ට කැමතිනම් සභාවෙන් එළියට යා හැකි බවය.
සභාවේ විනය රැකගෙන කටයුතු කරන ලෙසත්, ශාලාව පිරෙන්නට තවත් පිරිස් සිටියත් ඔවුන්ට ගැටළුවක් නැති බවත් හෙතෙම කීවේය.
ඉන් පසු ප්‍රථම කතාව ආරම්භ කිරීමට පෙර විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළහ
.