සෝභිත හිමියන් පැතු ආකාරයටම කටයුතු කරනවා
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැතු ආකාරයට රාජ්‍ය මාධ්‍ය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද(11) මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා වැඩභාරගන්නා අවස්ථාවේ රාජ්‍ය මාධ්‍ය මඩගොහොරු බවට පත්නොකරගන්නා ලෙස නායකහිමියෝ ඉල්ලීමක් කළ බවත් පසුව රාජ්‍ය මාධ්‍යයේ ක්‍රියාකරීත්වය පිළිබද උන්වහන්සේ සතුටු වු බවත් අමාත්‍යවරයා කියාසිටියේය.
රාජ්‍ය මාධ්‍ය මඩගොහොරු බවට පත්කරගන්නේ නැතිව ඒවායින් නිදහස්කරගෙන ඉදිරියට යන්න කියලා සොභිත නායක හාමුදුරුවෝ මම වැඩභාරගනිද්දි මට අනුශාසනා කළා. පසුගිය වතාවක උන්වහන්සේ මුණ ගැහුණාම මට කිව්වා රාජ්‍ය මාධ්‍ය විශාල පරිවර්ථනයක් සිදුවී තිබෙනවා කියලා සතුට උන්වහන්සේ ප්රකාශකළා.
ඒවගේම ඉදිරියටම ගෙනියන්න කියලා ඉල්ලීමක් කළා. ඉතිං අපි උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට උන්වහන්සේ පැතු ආකාරයට රාජ්‍ය මාධ්‍ය ඉදිරියට ගෙනයන්නට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

