පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සභාපතිත්වය දරන ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාව අතර කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද (23දා) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.
විධායක ජනපති ධුරය සම්බන්ධව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරී ඇති අතර, විධායක ජනපති ධුරයට සංශෝධන ගෙන ආ යුතු බවට අතුරලියේ රතන හිමියන් දරන ස්ථාවරය වෙනස් කිරීමට හැකිදැයි මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් විමසා තිබේ.
ඉදිරියේදීද මේ ආකාරයට මුණගැසී සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය එකඟතාවකට එළඹි බව සාකච්ඡාවට සම්බන්ධ වූ නියෝජිතයෙක් වැඩිදුරටත් සඳහන් කළේය.