පසුගිය ආණ්ඩුව සෝට් ඊට්ස් වලිනුත් ගසා කා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
2013/14 කාලසීමාවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවලදී ආහාර පාන ලබාදීමේදී රුපියල් ලක්ෂ 10ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරුදෙමින් මන්ත්‍රීවරයා ඉහත අදහස් දැක්වීය.
කෙසේ වෙතත් ඊට වඩා දේවල් අමාත්‍යාංශයේ සිදුව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.