සොහොනක සඟවා තිබියදී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. වැල්ලවැටිතුරෙයි පොලිස් වසමේ සොහොනක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් පිරිසකි. කේරළ ගංජා, අබිං, හෂීස් යන මත්ද්‍රව්‍ය මෙසේ සොයාගෙන ඇත.
කේරළ ගංජා කිලෝ 87.8
අබින් කිලෝ 3.6
හෂීස් කිලෝ 3.9 ක් මෙසේ සොයාගෙන ඇත්තේ ආරක්ෂක අංශ වෙත ලැබුණ තොරතුරක් අනුව කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදීය.