සොරකමේ ගිය සැකකරුවන් 05ක් අත්අඩංගුවට
කඩුගන්නාව ප්රදේශයේ වෙළඳ සැලක් බිඳ පළා යමින් සිටී සැකකරුවන් පිරිසක් අද (19දා) අළුයම 04.00ට පමණ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හබරණ පොලීසිය පවසා සිටියේය.
ඒ අනුව මෙම සැකකරුවන් රැගත් කළුපැහැයෙන් යුතු මෝටර් රථය හබරණ නගරය දෙසට ධාවනය වන බවට ලැබුණ තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම මෝටර් රථය සිමෙන්ති ප්රවාහනය කල බවුසර් රථයක ගැටී ඇතැයි පොලීසිය සඳහන් සිටියේය.
පසුව සැකකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථය දමා පළා යාමට උත්සාහ දරා ඇති අතර පසුව පස් දෙනෙකුගෙන් යුතු එම සැකකරුවන් ත්රිකුණාමලය, සෙවනගල හා ගල්ඔය ප්රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
අදාල මෝටර් රථයේ තිබී වාහනවලට සිවිකරන කැසට් යන්ත්ර 06ක් හබරණ පොලීසිය සොයාගෙන ඇත.
මෙම සිදුවීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

