වසර 47 ක් පුරා විශ්‍රාම වැටුප් ලැබූ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඩබ්.ටී. හැන්ඩි පියෝරිස් මහතා මියගිය පුවතක් 'අද' ට වාර්තා වේ.
ලියුම් බෙදන්නෙකු ලෙස රැකියාව සිදුකළ ඒ මහතා වසර 102 ක් ආයු වලඳා ඊයේ (17දා) අභාවප්‍රාප්ත වී ඇති අතර, ඔහු, මල්පියලි, තොටුපල පාර, පිටිගල, ගාල්ල යන ලිපිනයේ පදිංචිව සිට ඇත.
හැන්ඩි මහතා 55 වැනි වියේදී විශ්‍රාම ලබා ඇති අතර, ඔහුගේ බිරිඳ රොසලින් මල්වත්ත මහත්මිය දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ 94 හැවිරිදි වියේ පසුවෙයි. දියණියන් සිවුදෙනෙකුගේ පියෙකු වන හැන්ඩි පියෝරිස් මහතා සේවය කළ කාලයට වඩා විශ්‍රාම කාලයක් ගතකිරීමට තරම් වාසනාවන්තයෙකු වී තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19දා) සිදුකිරීමට නියමිතය.