ගිනි අවි තබාගැනීම සඳහා තමන්ට ලබා දී ඇති බලපත්‍රය 2016 වර්ෂය සඳහාද ලබාදීමට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
නාවික හමුදාවෙන් මිලදී ගත් ගිනි අවි 91ක් සඳහා බලපත්‍රය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත්, ඔවුන් එය මෙතෙක් පිළිගෙන නොමැති හෙයින් අදාළ බලපත්‍ර තමන්ට ලබාදෙන ලෙස නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත්කොට ඇති පෙත්සමේ සඳහන් වේ.