සෙල්ෆි නිසා තවත් ජිවිත දෙකක් විනාශයි
මුලතිව්, පුදුකුඩිඉරිප්පු කල්ලිඅඩි ඔය තුළදී පෙරේදා (24දා) දුරකථනයෙන් ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඔයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප්රදේශයේ පදිංචි ශිවරාසා බහිදරන් (17) හා තවම් කණිෂ්ටන් නැමැති සිසුහු දෙදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව සිටිති.
මියගිය සිසුන් දෙදෙනා තවත් මිතුරන් පස්දෙනෙකු සමග එදින ඔයේ දිය නෑමට ගොස් තිබේ.
එහිදී ඔවුන් දුරකථනයෙන් ඡායාරූප ගැනීමට ඔය මැදට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිසුන් දෙදෙනා අනතුරට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ මිතුරන් විසින් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් විසින් ඔය පරීක්ෂා කිරීමේදී සිරුරු සොයා ගැනීමට හැකිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනතුරට පත් සිසුන්ගේ මිතුරන්ගෙන් පොලීසිය ප්රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ අදාළ ඔවුන් දුරකථනයෙන් ඡායාරූප ගනිමින් ඔය මැද දක්වා පසුපසට ගමන් කිරීමේදී එකවරම දියේ ගිලුණු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


