වර්ෂ 1956 දී එවකට උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් (සෙනෙට් සභාව) සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා ඊයේ (2017-05-03) පස්වරුවෙහිදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට අසු අට වන වියෙහි පසු වූ මෙම විශිෂ්ට කලාකරුවා මීට දෙමසකට පෙර (දින 56කට) පාර්ලිමේන්තුවට පැමිණ සිය නිර්මාණය නැවතත් සියසින් දැකගත්තේය.
දේහය දොඹේමඩ, රඹුක්කන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා පස්වරු 3.00 සිදුකිරීමට නියමිතය.
සෙනට් සභා සෙංකෝලය
අඟල් 52කින් දිගින් යුතුව ඇත් දළයකට කැරට් 20ක රන් පවුම් 45කින් හා රිදී රාත්තල් 3.5 කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා 1956 දී මෙය නිර්මාණය කර තිබේ.
