රාජාංගනය යාය 02 ප්රදේශයේ සූදූ පොළකදී පිරිසක් අතර ඊයේ 04 සවස ඇති වූ ආරවුලක දී එක් පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කොට ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජාංගනය යාය 4 ½ කණුව නවසිරිගම පදිංචි ජයමාන්න මොහොට්ටිලාගේ ප්රියන්ත ජයලත් නොහොත් සුද්දා (24 ) නමැත්තාය.
මෙම ආරවුල හේතුවෙන් පහර කෑ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඊයේ රාත්රියේ තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරැ කර යවා ඇත.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර තල්වත්ත,පොලිස් කොස්තාපල් කුලසූරිය ඇතුලු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.