ඉදිරි පැය 24 තුළදී දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද සුළංද (පැ.කි.මී. 60-70 පමණ) දිවයින හරහා තරමක් තද සුළංද (පැ.කි.මී.50-60 පමණ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි බලාපොරොත්තු විය හැක.
එසේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අද (29දා) ඉදිරි පැය 24 සඳහා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා නිවෙදනය නිකත් කරමින් පවසයි.
ඒ අනුව මෙම සුළං තත්ත්වය පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව දැනුමවත් වෙන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.