සුවසැරිය 1990හදිසි ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර යටතේ ගිලන් රථ 209ක් ලබාගැනීමේ එකඟතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.
ඒ යටතේමෙම සේවාව රටේ සියලුම ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතාත් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
මෙම වැඩසටහනෙහි මුල් අදියර යටතේ ලබාගන්නා ලද ගිලන් රථ 88 බස්නාහිර සහ දකුණු පළාත් සඳහා යොදවා තිබිණි. දෙවැනි අදියර යටතේ ලබාගන්නා ගිලන් රථ 209 රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සේවය සඳහා යෙදවීමට රජය සැලසුම් කර තිබේ.