'සුව සැරිය' ගිලන් රථ සේවය සඳහා තවත් ගිලන් රථ 209ක් ඇනවුම් කළ බවත්, ඉන්දීය ආධාර යටතේ නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවය හරහා ඉදිරියේදී මිලියන 21ක් වන ජනතාවට සේවය ලබා ගැනීමට හැකිවන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
2016 වසරේ ජූලි මාසයේදී ආරම්භ කළ මෙම සේවාව හරහා මේ දක්වා පුද්ගලයන් 66,344ක් සේවා ලබාගෙන ඇති අතර, මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුළ මෙම සේවාව දැනට ක්‍රියාත්මක වෙයි.
1990 අමතා ඉහත දිස්ත්‍රික්ක තුළ වෙසෙන ජනතාවට මෙහි සේවය ලබා ගත හැකිය.