සුව ඇමැති ලෝක සෞඛ්‍ය සමුළුවට
ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගි වීමට නියමිතය.
ඒ අනුව මෙම සමුළුව 22 දින සිට 31දින දක්වා පැවැත්වෙන අතර, මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතය. තව ද පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමද ඇමතීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්රකාශණයද මෙවර සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. "සියලු කාන්තාවන්, සියලු දරුවන්" යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේදී දියවැඩියාවට මුහුණදෙන කාන්තාවන් පිළිබඳවද විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද ඇතුළත් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයෙන් ක්‍රියාත්මක ගෝලීය සහ කලාපීය ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමද මෙම සමුළුවේ අරමුණයි.
මෙම වසරේ සංචාරයට එක්වන කණ්ඩායම ඒ සඳහා සුදුසුම වෛද්‍යවරුන් සහ විශේෂඥයන් පිරිසක් බවත්, මින් බොහෝ දෙනෙකුගේ සංචාරය සඳහා වියදම් ඔවුන් අනුයුක්ත වෘත්තීය ආයතන මගින් දරන අතර, අමාත්‍යාංශය මගින් ඊට කිසිදු මුදලක් වැය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

