පැහැරගෙන ගොස් මරා දමා ඇති බව කියන බම්බලපිටියේ පදිංචි මොහොමඞ් සුලෙයිමාන් (29) නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පස්දෙනෙකුට රටින් පිටව යෑම තහනම් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීර්ස් මහතා ඔවුන් රටින් පිටව යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට විසේශ ගතවීම තහනම් කොට ඇති බව ආගමන විගමන පාලකවරයාට හා පොලිස් බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දුන්නේය.
මෙලෙස රටින් පිටව යෑම තහනම් තරන ලද්දේ මොහොමඞ් ඉම්රාන් මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් සිද්ධික් බාරේ, මොහොමඩ් ඉස්රන් ඉක්බාල්, මෙයින් සුමාර්, සහ මොහොමඩ් සාලි මොහොමඩ් ස්මිත්කාන් නමැත්තන්ටය.