සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගෙවීගිය මාස 10 ක කාලය තුළ රුපියල් මිලියන 16,860 කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ සමස්ත සුරාබදු දෙපාර්තමේන්තු ආදායම රුපියල් මිලියන 69,123 ක් වී තිබෙන අතර, මේ වසරේ ගෙවීගිය මාස 10 ක කාලය තුළදී උපයාගෙන තිබෙන ආදායම රුපියල් මිලියන 85,991 කි.