පොලීසියට සුරා බදු ආඥා පනත යටතේ නඩු පැවැරීමට හැකි බව දෙයියන්දර මහේස්ත්රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
මීට ඉහතදී ගාල්ල මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතාද සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට බලතල ඇති බව පසුගිය 27 වැනිදා ප්රකාශයට පත්කර තිබේ.
හක්මණ පොලීසියේ පොලිස් ස්ථානාධිපති සැකකරුවෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළව චූදිතයා වෙනුවෙන් විරෝධතා මතු කරමින් අධිකරණයේදී පවසා ඇත්තේ පොලීසියට සුරාබදු ආඥා පනත යටතේ නඩු පවැරිය නොහැකි බවයි.
නමුත් දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණය එය නිශ්ප්රභා කර පොලීසියට නඩු පැවරිය හැකි බව පවසා තිබේ.