සුමාත්‍රාවේ ඇතිව තිබෙන 6.4ක භූමි කම්පනය හේතුවෙන් ලංකාවේ සෑම වෙරළ බඩ ජනතාව ඒ පිළිබඳ දැනුවත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
තවමත් මෙරටට අනතුරක් සිදුවේද යන්න තහවුරු වී නොමැති බවත්, මේ නිසා ඒ පිළිබඳ අනවශ්‍ය කලබලයක් ඇතිකර නොගන්නා ලෙසත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
එහෙත් මාධ්‍ය මගින් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකරන දැනුවත් කිරීම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටියි.