සුපිරි හොරු අල්ලන්න ජනපති පොලීසිය හා නීතිපති දෙපාර්තමෙන්තුව ඉල්ලයි
සුපිරි හොරුන් අල්ලා දඬුවම් දීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය මාස තුනක් තමා යටතට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.
රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දූෂණ වංචා කිසිවක් නිවැරදිව ඔප්පු කිරීමට හෝ දූෂිතයන්ට දඬුවම්ලබාදීමට නොහැකි වූයේද ආණ්ඩුවේ ඇතැම් පිරිස් රාජපක්ෂවරුන් සමග සම්බන්ධතා පවත්වන බැවින් යැයි ජනාධිපතිවරයා මෙහිදී දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.
ඊයේ (04දා) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේදැයි සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිතිවරයා මේබව ප්‍රකාශ කර ඇත.
දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් සිදු වූයේ නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් දඩයම් කිරීමක් පමණක් බැවින්, එය තවදුරටත් පවත්වාගෙන යාමේ ඵලක් නොමැති බවද ජනාධිපතිවරයා පවසා ඇත.
එමෙන්ම දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ගෙන්වා තමා සිදුකළ සාකච්ඡාවේදී එම නිලධාරීන්ට රජයේ පාර්ශ්වයෙන්ම බලපෑම් එල්ලවන බවට පවසූ බවද ජනාධිපති සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබේ.
ප්‍රබල දූෂණ චෝදනා ඇති පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඇති අතර, දූෂණ විමර්ශන ආයතනවලට මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයටද දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ලවී ඇති බවට තමාට වාර්තාවී ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

