දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳ සැල් 51කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පසුගිය බ්රහස්පතින්දා (20දා), සිකුරාද (21දා) හා සෙනසුරාදා (22දා) දිවයින පුරා පිහිටි සියලුම සුපිරි වෙළෙඳ සැල් පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය මගින් වටලනු ලැබීය.
එහිදී සුපිරි වෙළෙඳ සැල් 51ක තිබී කල්ඉකුත් වූ ආහාර, නියමිත බර ප්රමාණයට නොමැති භාණ්ඩ හා ආහාරයට නුසුදුසු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් ඒකකය සමත්විය.