සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම වෙනුවෙන් රාඩා ආයතනය රුපියල් කෝටි 12 ½කට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් එකදු නිවසක් හෝ ඉදිකර නොමැති බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වාර්තා කොට ඇතැයි රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබූ රාඩා ආයතනය මගින් ආරම්භ කළ ජයලංකා ව්‍යාපෘතිය යටතේ කෝටි 12 ½ කට ආසන්න මුදලක් ලබාගෙන නිවාස ඉදිනොකර මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය මහතා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
සැකකාර සාලිය වික්‍රමසූරිය මහතා මෙම අපරාධයට ඍජුවම සම්බන්ධ බවත්, ඔහු අත්සන් කළ චෙක්පත් 09 ක් මගින් වංචා කළ මුදල් ගෙවා ඇති බවත් කී මෙවන් සිල්වා මහතා, සැකකරුගේ ප්‍රකාශ ලබාගැනීමට අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියම කළේය.
මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකු වූ එමිල් කාන්තන් සහ තවත් පුද්ගලයෙකු සමග කිලිනොච්චි ප්‍ර‘දේශයේදී මුණගැසී නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කර ඇති බවටද ඔහු කරණු දැක්විය.
සුනාමියෙන් අවතැන් වුවන්ට ලබාදීම සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 127 ක වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා සැකකරු අත්සන් කොට ඇති බව පැවසූ මෙවන් සිල්වා මහතා එම ව්‍යාපෘතියෙන් කිසිදු නිවසක් තනා නැතැයිද පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නිවාස ව්‍යාපෘතිය රජයේ ප්‍රතිපත්තියක් මත ආරම්භ වූ බවත්, ඒ අනුව තම සේවාදායකයා ඊට සම්බන්ධ වූ බවත්ය.
සාලිය වික්‍රමසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සහ වාණිජ තෙල් ගවේෂණ සහ සංවර්ධන කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇති කීර්තිමත් නිලධාරියෙකු බවද නීතිඥවරයා පැවසීය.
වික්‍රමසූරිය මහතා රාඩා ආයතනයේ සභාපතිවරයාගේ උපදෙස් මත 2005 නොවැම්බර් මස කිලිනොච්චි ප්‍ර‘දේශයට ගිය බව සත්‍ය බවත්, මෙම නිවාස යෝජනා ක්‍රමය එල්.ටී.ටී.ඊ. පාලන ප්‍ර‘දේශ තුළ සිදුකිරීමට තිබූ නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කිරීම අවශ්‍ය වූ බැවින් එලෙස එම ප්‍ර‘දේශයට ගිය බවත් නීතිඥවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය අදාළ චෙක්පත් අත්සන් කිරීමට තම සේවාදායකයාට නිසි අවසර ලැබුණු බැවින් එය සිදුකළ බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන් සිටියදී ඔවුන් අත්අඩංගුවට නොගෙන මෙවැනි රාජ්‍ය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගැනීම ගැන කනගාටු වන බවද නීතිඥවරයා පැවසීය.
කෙසේවෙතත් සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගත යුතු යැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයා කළ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කළේය. ඊට අමතරව සිද්ධියට අදාළව කරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමටද නියම කළේය.