2011 වසරේ ජපානයට ඇතිවූ සුනාමියේදී තම උපන් ගම් ප්‍රදේශය වූ ෂිසොකා දිස්ත්‍රික්කය සුනාමියෙන් බැටකෑ ඒ අති භයංකාර අත්දැකීමට හයිඩියෝ සුරුමුකායි මුහුණ දුන්නේය. මේ ස්වභාවික ව්‍යසනයෙන් ලද අත්දැකීම නවමු සංකල්පයක් බවට හරවමින්, සුසුකි මෝටර්ස් හි නිර්මාණකරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ සුරුමුකායි සුනාමියක් වැනි හදිසි ජලගැලීමකට ඔරොත්තු දෙන මෝටර් රථ සංකල්පයක් ලොවට හඳුන්වා දී තිබේ.
Fomm 'Concept One' නමින් හැඳින්වෙන, තවම වෙළෙඳ පොළ නිෂ්පාදන ක්‍රියාවලට එක් නොවූ මෙම මෝටර් රථය ආසන හතරේ විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථයකි. හදිසි ජල ගැලීමකදී මෝටර් රථයේ සිටින පිරිස ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට මෙම නවමු මෝටර් රථයට හැකි බව සුරුමුකායි පවසන්නේ එය ක්ෂණිකව පාවෙන යාත්‍රාවක් බවට පත් කිරීමට හැකි බව පෙන්වා දෙමිනි.
ඒ අනුව, හදිසි ජල ගැලීමක් ඇති වූ විට ජල යාත්‍රාවක දැකිය හැකි ආකාරයේ හැඬලයක් මගින් මීට අවශ්‍ය ත්වරණය හා තිරිංග පහසුකම් ලබාදෙමින් සුක්ඛානමක් ආකාරයෙන් එය ක්‍රියාත්මක වෙයි. එහිදී මෝටර් රථයට ජලයේ ඉදිරියට යෑමට අවශ්‍ය බලය ‘වෝටර්-ජෙට්’ ජෙනරේටරයක් මගින් සැපයෙයි.
මෙම මෝටර් රථයේ නිෂ්පාදන ක්‍රියාවලිය 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී තායිලන්තයේදී ඇරඹීමට සූදානම් බව Fomm සමාගම කියයි. Concept One මෝටර් රථයක මිල ඇ.ඩො.9,000ක් (රු.11,70,000/-ක්) පමණ වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.