සුනාමි භුතයා වැනි යන්ත්‍ර පැමිණ ගොවිතැන පහසුකර ඇති බවත්, මෙම යන්ත්‍ර ඇතුළු දෑ භාවිත කිරීමෙන් ඉතිරිවන කාලය හා ශ්‍රමය ස්යං රැකියාවක් සඳහා යොදවා පවුලේ ආර්ථිකය ගොඩනැගිය හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පස්යාල මහිම ඇන්තූරියම් අලෙවි සැල සහ සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
"අතීතයේ ගෘහනිය නිවසට අවශ්‍ය දර සෙවීම, වතුර ගෙන ඒම, වැනි කටයුතු මෙන්ම ගොවිතැනේදී ගොයම් කැපීම, වල් නෙලීම, වැනි කටයුතුද සිදුකරමින් තම පවුල ගොඩ නැගීමට කටයුතු කළා. නමුත් අද නිවසට ජලය, විදුලිය, ගෑස්, වැනි දෑ පැමිණ වැඩ පහසුකර තිබෙනවා. එසේම කුඹුරට සුනාමි භුතයා වැනි යන්ත්‍ර පැමිණ ගොවිතැන පහසුකර තිබෙනවා. මේ හේතුවෙන් යම් වියදමක් එකතු වී තිබුණත්, මේ යන්ත්‍ර ඇතුළු දෑ භාවිත කිරීමෙන් ඉතිරිවන කාලය හා ශ්‍රමය ස්යං රැකියාවක් සඳහා යොදවා පවුලේ ආර්ථිකය ගොඩනැගිය හැකියි" යනුවෙන් අමාත්‍යවරයා පවසා සිටියේය.