සුන්බුන් අතර වැළලී පැය 80කට පසු යළි ජීවය ලබයි
කෙන්යාවේ, නයිරෝබි නුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි කුඩා දැරියක පැය 80කට පසුව නිරුපද්‍රිතව බේරාගැනීම් ආශ්චර්යවත් සිදුවීමක් වාර්තා වෙයි.
එරට වේලාවෙන් අද අලුයම 4.00 ට පමණ මෙම දැරිය ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සොයාගන්නා විට සහන සේවකයන් පුදුමයට පත්වූයේ ඇය ඒ වනවිටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි නිසාය.
"අඩුම තරමින් සීරීම් තුවාලයක්වත් නොමැතිව ඒ දරුවා සුන්බුන් අතරින් සොයාගන්නා විට එහි සිටි සියලු දෙනා මුහුණට මුහුණ බලාගත්තේ ඇස් අදහාගත නොහැකිවයි." යනුවෙන් පැවසුවේ රතු කුරුස සංවිධානයේ බොනී ඔඩ්හිආම්බෝය.
මෙම දැරිය මාස 6ක් වයසැති ඩැලරීන් සයීසි වසීකේ යනුවෙන් හඳුනාගෙන ඇති අතර, ඇය සිය පියා වෙත භාරදුන් බවද එරට බලධාරීහු පවසති.
සුන්බුන් අතර යම් ශ්වසනයක් සිදුවන්නේ දැයි විශේෂ උපකරණ මාර්ගයෙන් එරට හමුදාව විසින් සිදුකළ සෝදිසියකින් පසුව, සුන්බුන් පීරාගිය සහන සේවකයන්ට මෙම දරුවා හමුවී තිබේ.
ඒ අවස්ථාවේදී නිල් පැහැති බ්ලැන්කට්ටුවකින් ඔතා සිටි දරුවා, බකට්ටුවක් තුළ බහා සිටි බවද සහන සේවකයෝ පවසති.
පසුගිය සිකුරාදා මහල් හයකින් යුතු මෙම ගොඩනැගිල්ල කඩා වැටුණු අතර, ඒ හේතුවෙන් මෙතෙක් මියගොස් ඇති පිරිස 23 දක්වා ඉහළ නැග තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

