අයාලේ යන සුනඛයන් රැලකට හසුවූ 06 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, ගම්පොළ, බෝතලාපිටිය, ෆාතිමා ගාඩ්න්හි පදිංචි මොහොමඩ් උස්මාන් නමැති දරුවෙකි.
සුනඛයන්ගේ සපාකෑම්වලට ලක්ව ඔහුගේ ශරීරයේ තුවාල 40ක් පමණ තිබූ බව එම දරුවාගේ දෙමව්පියෝ පවසති.
තුවාල ලැබූ දරුවා මාර්ගයේ තනිව එමින් සිටියදී සුනඛ රංචුවකට මැදිවී ඇති අතර, බරපතළ තුවාල සිදුවූ දරුවා ගුරුවරියක වන ජෙස්ටින් නමැති අය බේරාගෙන තිබේ.
හිසෙන් කොටසක් හා පාදවලින් කොටස් කඩාගෙන ගොස් ඇති මෙම සුනඛ රංචුව දරුවාට සිහි නැතිවන තුරුම සපා කා ඇතැයි අනාවරණය වී තිබේ.
බෝතලාපිටිය ප්රදේශයේ සිටින මෙම සුනඛ රංචුව දඩයමට හුරුව ඇති බවත්, මේ වනවිට විශාල එළුවෙකු හා කුකුළන් ඇතුළු සතුන් දඩයම් කර ඇතැයි ගම්වාසීහු පවසති.