අනුරාධුපර ඇලයාපත්තුව නෙල්ලිකුලම ගම්මානයේ ස්ථාපිත කර ඇති ‘සුනඛ මිතුරු නිවහන’ බලු අනාථාගාරය එම ගමෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර දේවී මහාමායා විහාරස්ථානයේ විහරාධිපති අමිතධම්ම හිමිපාණන් එම ස්ථානයේ උපවාසයක් ආරම්භ කර ඇත. නෙල්ලිකුලම ගම්වාසීන්ට මහත් පීඩාවක් වී ඇති මෙම බලු අනාථාගාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස අනුරාධපුර නගර සභාවට, උතුරු මැද පළාත් සභාවට බල කරමින් මෙම උපවාසය ආරම්භ කර ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ මෙම ස්ථානයෙන් මෙම අනාථාගාරය ඉවත් කර ගන්නා තුරු කිසිදු ආහාරයක් නොගෙන දිගටම උපවාසයේ යෙදෙන බවයි. මේ සදහා ගම්වාසීහුද සහයෝගය දක්වමින් ඒ අසල රැඳී සිටිති.
h
අනුරාධපුර - බි.ජී චතුරංග