ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා හෙට (27දා) සිය යුරෝපා සංචාරය ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණ කියයි.
‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ ලෙසින් විදේශගත ශ්රී ලංකිකයන් දැනුවත් කිරීම සඳහා ඔහු සිය යුරෝපා සංචාරය සිදුකරයි.
විමල් වීරවංශ මහතා මෙම සංචාරය සඳහා පිටත්ව යාමට නියමිතව තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදාය. නමුත් ගුවන් ගමන් බලපත්රය පිළිබඳව ගුවන්තොටුපොළේදී මතු වූ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් එදින ඔහුට යුරෝපා සංචාරය ආරම්භ කිරීමට නොහැකිවිය.