ශ්‍රී ලංකාව මේ වනවිට මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ට යොමුවී සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙන හෙයින් තම රාජ්‍යයද පුර්ජනනිය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවීමට අදහස් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය අපේක්ෂා කරන බවත්, සීෂෙල් රාජ්‍යයෙහි තානාපති වැවන් විලියම් මහතා පැවසීය.
අද (16දා) පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මෙම අදහස් දැක්වීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා පැවසුවේ, දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් සාම්ප්‍රදායික බලශක්ති ප්රභවයන්යන් වෙනුවට මිල අවම පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවයි.
සීෂෙල්ස් රාජ්‍ය තුළද බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කරලීමට, ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහාය ලබාදෙන බවද, අමාත්‍ය රණවක මහතා අවධාරණය කළේය.