මහත් ආන්දෝලනයකට ලක් වී සිටින පුද්ගලයෙකුට අයත් නිෂ්පාදන ආයතනයක් වෙනුවෙන් නෙගෙවූ බදු මුදල වූ රුපියල් ලක්ෂ 4445ක මුදලක් පසුගිය බදාදා රජයට ගෙවා ඇති බව වාර්තා වේ.
හිඟ බදු නොගෙවීම නිසා පසුගිය මාස 3ක කාලයක් තිස්සේ මෙම ආයතනයේ නිෂ්පාදන අත්හිටුවා සීල් තබා තිබුණි.
මෙම කාලය තුළ ආයතනයේ සේවකයන් 250ක පමණ පිරිසක් සඳහා මූලික වැටුප පමණක් ගෙවා ඇති අතර කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ 100ක පමණ පිරිසකට කිසිදු දීමනාවක් ලබාදී නැති බව කියති.
ආයතනයේ හිඟ බදු මුදල් ගෙවා ඇතත් ආයතනය යළි විවෘත කිරීම පිළිබඳව මෙතෙක් අනුමැතිය ලබාදී නැති බවද දැනගන්නට ඇත.
අදාළ ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට සූදානමක් ඇති බව දැනගන්නට ඇත.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)