සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා දැක්වුවත් ජුනි මස 06 වැනි දින අදාළ පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සීමාවාසික පත්වීම් ලබාදෙන්නේ ලකුණු ක්‍රමයක් මත බවත්, පත්වීම් ලබාදීම සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසා එදිනට පත්වීම් භාර නොගතහොත් එම වෛද්‍යවරුන් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ යන බවද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
කාර්යමණ්ඩල පුරප්පාඩු පිළිබඳව වෘත්තීය සමිති නොදන්නා බවත්, ඒ පිළිබඳව තොරතුරු ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පවසයි.