තම පැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ස්වාභාවික පරිසරය වෙනස් කිරීමට මිනිසාට සිදුවුවද එහි සීමාව දැන සිටිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
එසේම ස්වාභාවික විපත්වලින් පීඩා විදින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙමින් සිටින බවද ජුනි (05දාට) යෙදෙන ලෝක පිරිසර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනපතිවරයා සඳහන් කරයි.
වර්තමානය වන විට පරිසරය යනු ස්වාභාව සෞන්දර්යය පිළිබඳ ආකර්ශනීය සීමාව ඉක්මවා ගිය විද්‍යාත්මක සන්දර්භයක කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් බවත් ජනපතිවරයා පෙන්වා දෙයි.