සුදු සීනි හා කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව සීනි කිලෝවක් රුපියල් 93ක් ලෙසට පනවා තිබූ පාලන මිල හා සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 410ක් සහ සමරහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 490ක් ලෙස පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇත.