පැකට් කරන ලද සීනි කිලෝවක් සඳහා රු.95/- ක් හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල වන රු.88/- ක පාලන මිල දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
පසුගිය සතියේ ආනයනික අර්තාපල් සඳහා පැවැති ගාස්තුවද කිලෝවකට රු.10/-කින් වැඩි කරනලද අතර, ලෝක වෙළෙඳ පොළේ සීනි මිල ශීඝ්‍ර ලෙස පහළ යෑමේ වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන් වෙත ලබාදීමේ අරමුණින් සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ බද්ද කිලෝවකට රු.12/-කින් වැඩි කරන ලදී.
කෙසේ වෙතත්, සීනි අලෙවි කරන සිල්ලර මිල පාලනයේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍යාංශය කියයි.