සීනි කිලෝවකට රුපියල් 10ක අමතර බද්දක් පැනවීම හේතුවෙන් රතුසීනි ගෙන්වා තොග බෙදාහැරීමේදී විශාල ගැටලුවක් ඇතිවෙමින් තිබෙන බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
රුපියල් 10ක බදු මුදලක් පැනවීම හේතුවෙන් මේ වනවිට රතුසීනි කිලෝවක සමස්ත බදු ප්රමාණය රුපියල් 25ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති පරාක්රම අබේසේකර මහතා සඳහන් කළේය.
මෙම බදු ප්රමාණය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළෙන් රතුසීනි ගෙන්වා මෙරටේදී අලෙවි කිරීමේදී සීනි කිලෝවකට විශාල මුදලක් නියම කිරීමට සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් රතුසීනි ආනයනය කිරීම නැවතී යාහැකි බවත්, ලෝක වෙළෙඳ පොළේ සුදුසීනි කිලෝවක මිල පහළ ගොස් තිබෙන බැවින් සුදුසීනිවලට එම අර්බුදය මේ අවස්ථාවේදී ඇතිනොවන බවද ඔහු කියා සිටියේය.