සීනි නැතිව රස බලන්න
ජාතික පෝෂණ මාසය අද (01දා) දින සිට ආරම්භ වන බවත්, මෙවර 'සීනි නැතිව රස බලන්න' යන තේමාව යටතේ දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතිබවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙටිටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
මෙරට ජනතාව අතරින් 1/3ක් දියවැඩියා රෝගයට ගොදුරුවී හෝ රෝගයට ගොදුරුවීමේ අවදානමකට ලක්ව ඇති බව සඳහන්කළ වෛද්‍යවරිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව පුද්ගලයෙකු සීනි මගින් ලබාගන්නා ශක්ති ප්‍රමාණය දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 05%ක් ඉක්මවා නොයා යුතු බවද පැවසුවාය.
ඒ අනුව දිනකට සීනි මේස හැඳි 06ක් පමණ ගැනීම ප්‍රමාණවත් නමුත්, තරගකාරී ජීවන රටාව තුළ සෑම වයස් කාණ්ඩයකම සිටින අය සෞඛ්‍යමත් නොවන ආහාර වර්ග, සීනි යෙදූ බීම හා සීනි අධික කිරි පානයන් භාවිතයට හුරුවී සිටින බවද ඇය ඊයේ (31දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලැබුවේ, පාසල් දරුවන් හා යෞවනයන් අතර වඩාත් ප්‍රචලිත මෙම සීනි යෙදූ බීම වර්ග හා කිරි පානයන් තුළ සැඟවුණු සීනි මගින් ශරීරයට අතිරික්ත කැලරි ප්‍රමාණයන් ලැබී ඒවා මේදයට පත්ව ඔවුන් තරබාරුවට පත්වන බවයි.එමෙන්ම දියවැඩියාව, හෘදරෝග හා අධික රුධිර පීඩනය වැනි බෝනොවන රෝග සඳහා වන අවදානම මෙන්ම දන්ත රෝග හා දත් කුහර ඇතිකිරීම කෙරෙහිද සීනි යෙදූ බීම වර්ග හා කිරි නිතර පානය කිරීම හේතුවී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

