සීදුව, ලියනගේමුල්ල ප්රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (31දා) මංකොල්ලකා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මුහුණු ආවරණය කරගත් හිස්වැසුම් පැලඳ පැමිණි පුද්ගලයන් 04 දෙනෙකු විසින් එහි කළමනාකරුට පිහියකින් ඇන, බැංකුවේ තිබූ රුපියල් 1,350,000 ක මුදලක් මෙසේ මංකොල්ල කා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
පිහි ඇනුමෙන් තුවාල ලත් කළමනාකරු දැනට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියි.