මධ්‍යම සස්කෘතික අරමුදල මගින් ඓතිහාසික සීගිරිය පුරවිද්‍යා ස්ථානයෙන් කෝටි ගණනින් මුදල් ඉපයූවද එහි මාලිගය තුළත් අභය භූමියත් විනාශ වෙමින් පවතින බව සීගිරියට ආදරය කරන ජනතාව චෝදනා කරති.
මේවන විට සීගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැනින් තැන තීන්ත ගැලවී ගොසින් ඇති අතර විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ විත්රයක මේ විනාශය වැඩි වශයෙන් දැකිය හැකිය.
සීගිරියේ හදවත බඳූ වූ කැටපත් පවුර වසර ගණනාවක සිට වැහිලිහිණි වසුරු වැටී සිදුවන විනාශය තවමත් එසේමය.
සීගිරි අභය භූමිය දැව ජාවාරම්කරුවන්ගේ දඩයම් කරුවන්ගේ මෙන්ම ඉඩම් කොල්ලකරුවන්ගේ පාරාදීසයක් වී හමාරය.