සිගිරි සංචාරක ප්‍රවර්ධනය සඳහා විදුලි සෝපාන හා විදුලි මෝටර් යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. සීගිරියේ පුරාවිද්‍යා වටිනාකමට කිසිඳු හානියක් සිදු නොවන පරිදි ඉදිරියේදී එය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ඊයේ (11දා) සිගිරියේදී පැවසිය .සීගිරියේ පැවැති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසීය.