සීගිරි ප්‍රදේශයෙන් මෑතකදී සොයාගත් සීගිරි මැටි කළය ඇතුළුව වසර 30 ක් පුරා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදුකළ කැණීම් හා ගවේෂණවලින් සොයාගත් සියලුම මැටි භාණ්ඩ අනිද්දා (17) සිට දින 14 ක කාලයක් සීගිරි කෞතුකාගාර භූමියේ ප්‍රදර්ශනයට තබා තිබේ.
උදේ 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, එම ප්‍රදර්ශන භූමියේදී සීගිරි මැටි කළයේ අනුරුවක් මිලදී ගැනීමට හැකි බවද මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.