සිගීරිය බිතු සිතුවම් මීටර් 30 ක දුරින් සිට නැරඹීමට කටයුතු යෙදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණයකට එළඹ තිබේ.
සීගිරි බිතු සිතුවම්වල ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගන්නා බව සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම කුරුලු වසුරු වැටීමෙන් සීගිරි කැටපත් පවුරට සිදුවන විනාශය වළකා ගැනීමට ඉහළින් වීදුරු ආවරණයක් සවි කිරීමට සහ නැරඹුම් ස්ථානය අඩි දෙකකින් ඈත්කිරීමට තීරණය කළ බවද ඒ මහතා පවසා සිටියේය.
ගල් බැමි මත ඇවිදීම, සංචාරකයන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට සීගිරියේ වටිනාකම මතුවන හඬපට ප්‍රචාරයක් සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.
බිතු සිතුවම් හෝ වෙනත් වටිනා ස්ථාන විනාශ වන්නට පෙර හඳුනාගැනීමේ නිලධාරියෙකු මෙතෙක් නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත්, දිනපතා එවැනි ස්ථාන පරීක්ෂා කර බලා අවදානම් තත්ත්වයන් හඳුනාගන්නා වැඩපිළිවෙළකට යා යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.