2016 වසර සඳහා පළමු ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසුන් 350,000 ක් බඳවා ගැනීම අද (14දා) සිට ආරම්භ කෙරෙන බවත්, එහි ජාතික උත්සවය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී අද පෙරවරු 8.30 ට පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව ලංකාවේ දැනට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් 9480 ක් සඳහා සිසුන් 350,000ක් සිසු සිසුවියන් පමණ මේ වසරේදී ඇතුළත් කරගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී.එම්. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.මේ වසරේ සිට පළමු වැනි ශ්‍රේණිය සඳහා නව විෂය මාලවක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඊට අදාළ පෙළපොත් සහ වැඩපොත්ද මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි.
ඊට අදාළ විෂය නිර්දේශ, ගුරු උපදෙස් සංග්‍රහයන් සකස් කිරීම සහ සියලුම ප්‍රාථමික අධ්‍යාපන නිලධාරීන් සහ ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම මේ වනවිටත් සිදුකර අවසන් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.