හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයට අයත් මොටින්හෑම් වතුයායේ දමිළ වතු පාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිවුදෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය මගින් ඊයේ (28 දා) සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයෙක් අද (29දා) හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ඔක්තෝබර් 7 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නෝර්වුඩ් වත්ත ඉහළ කොටසේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.