සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්ට සිදුකළ පහරදීම සඳහා අණදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මෙම පහරදීම නිසා ශිෂ්‍යයන් 80කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවද එම සංගමයේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා සඳහන් කළේය. මීට අමතරව නිවෙස්වලට ගොස් දෙමාපියන්ට තර්ජනය කිරීම හා සිවිල් ඇඳුමින් සැරසී පිස්තෝලයක් පෙන්වා ශිෂ්‍යයෙකු පැහැරගැනීම ආදිය පිළිබඳවද පැමිණිලි කරන බවද ඔහු කියා සිටියේය.