පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන් හෝ වෙනත් පුද්ගලයන් අල්ලස් ලබාගත් බවට මෙතෙක් බරපතළ තත්ත්වයේ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
සුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳව පසුගිය මාසයේදී පැමිණිලි කිහිපයක් ලැබුණු බවත්, ඒවා විමර්ශනය කිරීමේදී අදාළ සිදුවීම් අල්ලස් ගැනීම් නොවන බවට තහවුරු වී තිබෙන බවද එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.
අල්ලස් ලබාගැනීම වැළැක්වීම සහ අල්ලස් ලබාදීම වැළැක්වීමට තම කොමිෂන් සභාව පසුගිය මාස කිහිපය තුළ විවිධ වැඩසටහන් දියත් කළ බවදහෙතෙම පවසා සිටියේය.
මේ අනුව පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මෙතෙක් බරපතළ තත්ත්වයේ කිසිවක් වාර්තාවී නොමැති වීම ඉතාමත් හොඳ තත්ත්වයක් බවද විමර්ශන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.