බස්නාහිර පළාත තුළ ලබන වසර සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව කිසියම් පුද්ගලයෙකු මූල්‍යමය හෝ ලිංගික වශයෙන් අල්ලස් ඉල්ලා සිටියහොත් ඒ මොහොතේම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් බස්නාහිර පළාත තුළ රුපියල් 50,000 සිට ලක්ෂ 5 දක්වා මුදල් අල්ලස් ඉල්ලා සිටින බවට වාර්තා වන බවත්, දෙමවුපියන් ඒ පිළිබඳව පළාත් සභාව දැනුම්වත් කළහොත් අදාළ පාර්ශ්වයන්ට දඬුවම් ලබාදෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එවැනි සිද්ධියකට මුහුණදුන හොත් 0718386878/ 0712539300/ 0727585859/0714444938 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදී පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කරන්නැයි රංජිත් සෝමවංශ මහතා ඉල්ලා සිටියේය.