නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව විෂයන් තුනටම A සමර්ථ්යය ලබාගත් අයදුම්කරුවන් 6547 දෙනෙකු සිටින බවත්, එයින් 5960 පාසල් අයදුම්කරුවන් බවත්, විභාග කොමසාරිස් ජෙනරාල් කාර්යාලය සඳහන් කරයි.
මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන් 255,191 ක් අතරින් 131,137 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති බවත්, විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.