සිවිල් ඇඳුමින් ගොස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළවලට අලාභහානි කළ බවට සඳහන් කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
වෙනත් පාර්ශ්ව යවා සිවිල් ඇඳුමින් ගොස් ශිෂ්‍යයන් පැහැර ගැනීමකට ලක්කල හැකි බවත්, එය නරක තත්ත්වයක් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නාවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සිවිල් ඇඳුමින් ගොස් ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නේ නම් එම ක්‍රියාව සිදුකරන බවට පොලිසිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේය.